2021 ජුනි 26 වන සෙනසුරාදා

ආණ්ඩුව අර්බුද වවනවා

 2021 ජුනි 26 වන සෙනසුරාදා, ප.ව. 04:01 43

- මන්ත්‍රී මරික්කාර්

දේශපාලන වාර්තාකරු |

කොවිඩ් වසංගතය සහ ආර්ථික ප්‍රශ්නවලින් පීඩා විඳින ජනතාවට ඉන්ධන මිලේ බරත් පටවමින් ආණ්ඩුව ජාතික ප්‍රමුඛතාද පටලවාගෙන ඇතැයි කොළඹ දිස්ත්‍රික් ස.ජ.බ. මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා දේශයට කීය.

පාසල් දරු දැරියන්ට ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ඩේටා නොමැති පසුබිමේ රජය අධිවේගී මාර්ගවලට මුදල් වෙන්කරයි. කාබනික පොහොර භාවිතය කඩිනම් කිරීමට යාමෙන් අනාගතයේ රටේ ආහාර අහේනියක් ඇතිවන ලකුණුද පහළ වී තිබේ. මහ බැංකු මූල්‍ය සංචිත සිඳී ගොසිනි. එසේ තිබියදී තිබෙන අර්බුද මැද ආහාර අර්බුදයකුත් හටගතහොත් රටේ විශාල විපතක් සිදුවිය හැකි බවද මන්ත්‍රී මරික්කාර් සඳහන් කළේය. මේ සියල්ලෙන් පෙනෙන්නේ රජය නැති අර්බුද වවා ගනිමින් මුළුමහත් සමාජයම පීඩාවට පත්කරන වග යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.