I ව්‍යාපාරික වාර්තාකරු
තමන් දැන් ඉතා සන්තෝෂයෙන් ජනතාවට සිහින විකුණන බව සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ නව සභාපති අනූෂ පැල්පිට මහතා දේශයට පැවසීය.
පසුගියදා විමල් වීරවංශ අමාත්‍යවරයාගේ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් පදවියෙන් හිටිහැටියේ ඉල්ලා අස්වී විශ්‍රාම ගත් පැල්පිට මහතා ජනාධිපති විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයට පත් කරනු ලැබීය. ඔහු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත්තේ විශ්‍රාම යාමට නියමිත කාලයට වසර හතරකට පෙරය. එය ඉතා කලාතුරකින් රාජ්‍ය සේවකයකු ගන්නා තීන්දුවකි.
තමන්ට රජය භාරදුන් නව වගකීම සතුටින් ඉටුකරන්නේ එමගින් ජනතාවට සේවය කිරීම සඳහා මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට හා ජනාධිපති අරමුදලට මුදල් සම්පාදනය කරන නිසා බව පැවසූ හෙතෙම තමන්ද මහපොළ ශිෂ්‍යත්වයෙන් ආධාර ලත් බවද කීය.
ලොතරැයි යනු ජනතාව දකින සිහිනයන්ය. ඒ සිහිනයන් සැබෑකර ගැනීමට ජනතාවට උපකාර කෙරෙන ආයතනයක් ලෙස සංවර්ධන ලොතරැයිය හඳුන්වා දිය හැකි යැයිද ඔහු සඳහන් කළේය.