I ව්‍යාපාරික වාර්තාකරු
වෙළෙඳ අමාත්‍යංශ යෝජනාවක් අනුව මෙරටට ආනයනය කරන පොන්නි සම්බා සහල් කිලෝව රුපියල් 95/-ත් 98/-ත් අතර මිලකට අලෙවි කළ හැකිවෙතැයිද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විශ්වාසය පළ කළේය.
පෞද්ගලික අංශයේ සහල් වෙළෙඳුන් ඉතාම අසාධාරණ ලෙස අධික මිලට සහල් විකිණීම පාලනය සඳහා ඔවුන් සාධාරණ පාලන මිලට සහල් අලෙවිකරන තුරු පිටරටින් සහල් ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දේශයට කීය.
ඉදිරි මාසය තුළ මෙම සහල් තොග ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් ලබාගැනීම පිණිස එම රටවල මහ කොමසාරිස්වරුන් සමඟ මේ වනවිටත් මූලික සාකච්ඡා පවත්වා ඇත.