2021 ජුනි 26 වන සෙනසුරාදා

ගෑස් මිල කමිටුවෙන් ගම්මන්පිල අස්වෙයි

 2021 ජුනි 26 වන සෙනසුරාදා, ප.ව. 04:01 151

I දේශපාලන වාර්තාකරු

ගෑස් මිල ගණන් තීරණය කිරීම සඳහා පත්කළ අමාත්‍ය මණ්ඩල උප කමිටුවෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස්විය.

ඊට හේතුව වශයෙන් ඔහු කමිටුවට ප්‍රකාශ කළේ මෙයට සහභාගි වී මිල තීරණයට සහය පළකළහොත් ආණ්ඩුවේම සමහර පාර්ශ්වවල ප්‍රහාරයන්ට තමන් ඉලක්ක වන බැවින් මෙම තීරණය ගත් බවය. රජයේ පොදු තීන්දුව අනුව තෙල් මිල සම්බන්ධයෙන් පෙනී සිටි තමාට රජයේ සමහරුම පහරදුන් බැවින් තමන් ගෑස් මිල කමිටුවට සහභාගි නොවීමට අදහස් කරන වගද සඳහන් කර ඇත. අමාත්‍ය ගම්මන්පිලගේ තීන්දුව වෙළෙඳ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයටද වාර්තා කළේය.