2021 ජුනි 26 වන සෙනසුරාදා

වසංගත රෝග හිටපු ප්‍රධානියාට විනය පරීක්ෂණයක් ඕනෑ

 2021 ජුනි 26 වන සෙනසුරාදා, ප.ව. 04:00 19

- රජයේ වෛද්‍ය නිලධාරි සංගමය


I ගයාන් ගාල්ලගේ
වසංගත රෝග ඒකකයේ හිටපු ප්‍රධානී සුදත් සමරවීර මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා දේශයට පැවසීය.

ඔහු වගකීම් සහගත ස්ථානයකින් ඉවත්කර තවත් වගකීම් සහගත ස්ථානයක් වන ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කිරීම නුසුදුසු ක්‍රියාවක් බවත් එසේ කිරීමට පෙර විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඔහු කීය.

කෙසේ වෙතත් එලෙස මාරුකර යැව්වත් තවමත් වසංගත රෝග ඒකකයේ ක්‍රියාකාරීත්වයේ නිසි ක්‍රමයක් නැති බවත් මේ නිසා තවමත් තොරතුරු ගලා ඒමේදී දත්තවල අඩුපාඩු පවතින බවත් සඳහන් කළේය.