2021 ජුනි 26 වන සෙනසුරාදා

තෙල් මිල බස්සන්න බෑ

 2021 ජුනි 26 වන සෙනසුරාදා, ප.ව. 04:00 23


I දේශපාලන වාර්තාකරු

පවත්නා ලෝක මිල තත්ත්වය යටතේ ඉන්ධන මිල ගණන් අඩුකළ නොහැකි බවට අමාත්‍ය මණ්ඩලයේදී තීන්දුවක් ගෙන තිබේ. ඉන්ධන මිල ගණන් අඩුකළ නොහැකි වුවත් ඉන්ධන භාවිතය අඩු කිරීම සඳහා ජනතාව සහ රජය විකල්ප වෙත යොමුවිය යුතු බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කොට තිබේ. ඒ සඳහා හොඳම විකල්පය පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා දැනට පමා වී තිබෙන පුනර්ජනනීය විදුලිය නිෂ්පාදන ව්‍යාපාති කඩිනම් කරන ලෙස විදුලිබල අමාත්‍යවරයාට උපදෙස් දී ඇත.