2021 ජුනි 19 වන සෙනසුරාදා

කොරෝනා මරණ ලැයිස්තුව අපභ්‍රංශයක් - එකම නම දෙතුන් පොළක

 2021 ජුනි 19 වන සෙනසුරාදා, ප.ව. 04:00 244

I දේශපාලන වාර්තාකරු

රජයේ වසංගත රෝග විද්‍යා අංශය දිනපතා සකස්කර ප්‍රකාශයට පත්කරන  කොරෝනා රෝගයෙන් මරණයට පත්වූවන්ගේ නාමලේඛන තුළ ඇතැම් දිනවල එකම තැනැත්තාගේ නම වාර ගණනාවක් සඳහන් කර මරණ ගණන කෘත්‍රිමව ඉහළ නංවා ඇතැයි බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට පැමිණිලි ගණනාවක්ම ලැබී තිබූ බවද වාර්තා විය. ඒ ගැන ජනාධිපති කාර්ය මණ්ඩල බලධරයන් කරන ලද මූලික විමර්ශනයකදී එම කරුණ තහවුු කෙරෙන තොරතුරු රැසක්ම වාර්තා වී ඇතැයි අදාළ විමර්ශනය කරන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් දේශයට කීය.

ඔහු ප්‍රකාශ කළ ආකාරයට එක් දිනයක් තුළ එකම තැනැත්තාගේ නම මරණ ලැයිස්තුවේ ස්ථාන තුනක සඳහන් කර ඇතැයි කියැවේ. එවැනි සිදුවීම් ගණනාවක් ඇතැයිද ඔහු පැවසීය. එසේම පසුගිය පෙබරවාරි අප්‍රේල් හා මැයි මාසවල සිදුවූ මරණ ගණනාවක් මෙම ජූනි මස දෙවැනි සතියේ වාර්තා කළ මරණ ලැයිස්තුවලට ඇතුළත් කර තිබීමද පුදුමයට කරැණක් බව සඳහන්ය.  පසුගිය සතියේ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස 101 ක් වාර්තා කළ ජූනි මස 11 වැනිදා සිදුවූ සැබෑ මරණ සංඛ්‍යාව 15ක් බව මේ ගැන කරන ලද මූලික විමර්ශනයේදී හෙළිදරව් විය. 

මේ ආකාරයට රටේ ජනතාව බියට පත් කරමින් රජය නොමග යවමින් කෘත්‍රිම ලෙස මරණ ගණන ඉහළ ගොස් ඇතැයි පෙන්වීම සඳහා ක්‍රියාකළ බලධරයන් ගැන වහාම තොරතුරු විමර්ශනය කොට වගකිවයුත්තන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමටද රජය තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01