2021 ජුනි 19 වන සෙනසුරාදා

ලේකම් ඇමැති සභාපති පට්ටම් වෙනසක්

 2021 ජුනි 19 වන සෙනසුරාදා, ප.ව. 04:00 23

I දේශපාලන වාර්තාකරු

ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන ගණනාවක ඉහළම තනතුරු වෙනස් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. රාජ්‍ය ආයතන 10ත් 12ත් අතර සංඛ්‍යාවක සභාපති තනතුරු වෙනස් වීමට ඉඩ ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

ඒවා අතර ප්‍රධාන පෙළේ රාජ්‍ය සමාගම් දෙකක් රාජ්‍ය මූල්‍ය ආයතනයක්, සංස්ථා මණ්ඩල සහ අධිකාරීන් ගණනාවක ප්‍රධානීන් වන බව දැනගන්නට ඇත. රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් ගණනාවක් වෙනස් කිරීමටද තීන්දු කර තිබේ. එසේම අමාත්‍යංශ කිහිපයක ලේකම් තනතුරුද වෙනස් වීමට නියමිතය. ඇමැතිවරයා සමඟ කටයුතු කළ නොහැකිබව කියමින් එක්තරා ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු තමන් එම තනතුරින් නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලා ඇතැයිද වාර්තා වෙයි. 

රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ තනතුරු වෙනස් කිරීමේ ආරම්භක පියවර වශයෙන් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ධුරයට වරාය අධිකාරියේ සභාපති ධූරය දැරූ මේජර් ජනරාල් දයා රත්නායක මහතා පත් කෙරිණි. දයා රත්නායක මහතා ඉවත්වීමෙන් හිස් වූ වරාය සභාපති ධුරයට කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා පත්විය. මෙතෙක් කල් කර්මාන්ත අමාත්‍යාංශෙය් ලේකම් පදවිය දැරූ අනූෂ පැල්පිට මහතා සංවර්ධන ලා‌ෙතරුයි මණ්ඩලය‌ේ සභාපතිධූරයට පත් ෙක ෙරනු අැතැයි වාර්තාෙව්. 

පසුගිය වසරක පමණ කාලය තුළ එම ආයතනවල අකාර්යක්ෂම පාලනය සහ වංචා දූෂණ චෝදනා එල්ලවීම මෙම තනතුරු වෙනසට හේතුව බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. ඒ අතර ඉදිරි කාලයේ අමාත්‍ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගේ විෂය මාරුවක්ද සිදුකිරීම පිණිස අවශ්‍ය මූලික පියවර ගනිමින් සිටින වග වාර්තා වෙයි.