2021 ජුනි 19 වන සෙනසුරාදා

උද්ධමන බද්ද නගී

 2021 ජුනි 19 වන සෙනසුරාදා, ප.ව. 04:00 25

I යසවර්ධන රුද්රිගු

මෙම මස 3දා සිට 9දා දක්වා ගතවූ සතිය තුළ ආහාර ද්‍රව්‍යවල මිල උද්ධමනය සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි. උද්ධමනය යනු ජනතාව මත පැටවෙන &අනියම් බද්දක්* බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

 

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන දෛනික මිල වාර්තා අනුව පසුගිය ජූනි මස 03දා සිට 09දා දක්වා වූ සතිය තුළ වට්ටක්කා හැර එළවළු වර්ග 09ක මිල ගණන් සියයට 15 සිට සියයට 77 දක්වා වැඩි වී ඇති බව සඳහන්ය. ජූනි මස 03දා වනවිට රුපියල් 130කට මිල වූ බෝංචි කිලෝවක මිල රුපියල් 240 දක්වා ඉහළ නැග ඇති අතර, රුපියල් 170ට තිබූ අමු මිරිස් කිලෝව රුපියල් 300 දක්වා මිල වැඩිවී ඇත. පොල්තෙල් සහ ඇතැම් හාල් වර්ගවල මිල සියයට 50කින් පමණ ඉහළ ගොස් තිබේ.

රට වසා ඇති මාස දෙකක කාලය තුළ බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල අවම වශයෙන් සතියකට සියයට 10ක තරමට ඉහළ යන බව නිරීක්ෂණය වී ඇත. මෙලෙස ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමට ප්‍රධාන හේතුව වන්නේ රට වසා ඇති කාලය තුළ සැපයුම ප්‍රමාණවත් නොවීමය.