I ව්‍යාපාරික වාර්තාකරු
වසර 2019-2020 කාලයේ ඉන්ධන ආනයන වියදමට සාපේක්ෂව බලතොත් මෙවර තෙල් මිලගණන් ඉහළ දැමීම නිසා රජය රුපියල් කෝටි 5400ක (බිලියන 54ක) අමතර ආදායමක් අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා දේශයට කීය.
එසේ වුවද ජනතාව ඉන්ධන භාවිතය අඩු කළහොත් ඉල්ලුමද පහත වැටෙන නිසා එම ආදායම් ප්‍රමාණය අපේක්ෂා කළ නොහැකි බවද හෙතෙම පැවසීය.
ඉන්දියාවේ දැනට පවත්නා ඉන්ධන මිල ගණන්වලට මෙරට නව මිල ආදේශ කළහොත් රජය ලබන අමතර ආදායම රුපියල් කෝටි 56,400ක් (රුපියල් බිලියන 564ක්) පමණ වන බව රාජ්‍ය ඇමැති කබ්රාල් වැඩිදුරටත් සඳහන් කළේය.