2021 ජුනි 12 වන සෙනසුරාදා

සාකච්ඡා බිඳ වැටෙයි හෙද වර්ජනය 15දා සිට - මුරුත්තෙට්ටුවේ හිමි

 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 31

I දේශපාලන වාර්තාකරු

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තමන් රජය වෙත ඉදිරිපත් කළ ඉල්ලීම් ලබන 15දා (අඟහරුවාදා) වනවිට ඉටු නොකළොත් දීපව්‍යාප්ත හෙද වර්ජනයක් සිදුකිරීමට තීන්දුකර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රමුඛ සෞඛ්‍ය බලධරයන් සමග එම හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රමුඛ නිලධාරීන් වාර 11ක් සිය වෘත්තීය ගැටලු ගැන සාකච්ඡා කර ඇත. එම සාකච්ඡාවලින් පසුව අග්‍රාමාත්‍යවරයාද සෞඛ්‍ය අමාත්‍යංශ බලධරයන් හා ආනන්ද හිමියන් ප්‍රමුඛ හෙද සංගම් නිලධරයන් ගෙන්වා ගැටලු විසඳීම ගැන සාකච්ඡා කළේය. එහෙත් ඒ කිසිදු සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණ සෞඛ්‍ය අමාත්‍යංශ බලධරයන් විසින් ඉටුකර නොමැති නිසා ලබන 15දා තෙක් ඊට කල් ලබාදී ඉන්පසු වැඩවර්ජනයක් කිරීමට තීන්දු කළ බව මුරැත්තෙට්ටුවේ හිමියන් ලිපියක් මගින් අග්‍රාමාත්‍ය කාර්යාලයට දැනුම් දී ඇත.