I දේශපාලන වාර්තාකරු
ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහ හිටපු අමාත්‍යවරයකුගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා කිහිප නමකගේද දායකත්වය ඇතිව ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ විහාරස්ථානයක රහසිගත හමුවීම් කිහිපයක් පවත්වා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් රජය බලයට පත් කිරීම සඳහා ආණ්ඩුව සමඟ ක්‍රියාකළ ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා දෙනමක් සහ විපක්ෂය නියෝජනය කරන භික්ෂූන් වහන්සේලා දෙනමක් මෙම කටයුත්තට මූලික වී සිටිති.
තමන් අපේක්ෂා කළ ඉහළ තනතුරක් අහිමිවීම නිසා කනස්සල්ලට පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙයට පෙර පක්ෂ ගණනාවක් නියෝජනය කළ තැනැත්තෙක් බවද වාර්තා වෙයි. හිටපු අමාත්‍යවරයා යහපාලන රජයේ ප්‍රබලම තනතුරු දැරූවෙකි. ඔහුද කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරයි. මේ අවස්ථාවන් සම්බන්ධීකරණයට රජයේ හිතුවතුන් වන ප්‍රබල පාක්ෂිකයන් දෙතුන් දෙනෙක්ද එක්වී සිටින බව සඳහන්ය.