2021 ජුනි 05 වන සෙනසුරාදා

ඇස්ට්‍රා සෙනෙකා එන්නත ගන්න රජයෙන් මෙහෙයුමක්

 2021 ජුනි 05 වන සෙනසුරාදා, ප.ව. 06:00 24

I දේශපාලන වාර්තාකරු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොගය ලබාගැනීමට විශේෂ මෙහෙයුමක් දියත්කර තිබේ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා ඒ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය හා ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්‍රමුඛ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ගණනාවක් සමඟ සාකච්ඡා පවත්වා ඇත.

මේ හැර අතිරික්ත එන්නත් තොග තිබෙන මහා බ්‍රිතාන්‍ය රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා මගින් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෙතද මේ ගැන ඉල්ලීමක් ඉදිරිපත් කැරිණි. එසේම දැනටමත් ප්‍රතිඥා දී තිබෙන රැසියාවේ නිෂ්පාදනය කරන ස්පුට්නික් එන්නත් කඩිනමින් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් විශේෂ නියෝජිතයකු රැසියාවට යැවීමටද තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.