2021 ජුනි 05 වන සෙනසුරාදා

ගිනිගත් නැවට ලංකාවෙන් නඩු දෙකක්

 2021 ජුනි 05 වන සෙනසුරාදා, ප.ව. 06:01 117

I දේශපාලන වාර්තාකරු

කොළඹ වරාය ආසන්නයේදී අනතුරට පත් එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්ඩ් නෞකාව හිමි සමාගමට එරෙහිව අපරාධ හා සිවිල් නඩු දෙකක් පැවරීමට නීතිපති දෙපාර්තමේන්තු අවධානය යොමුව තිබේ. මෙයින් සිවිල් නඩුව වන්දි අයකර ගැනීම සඳහා පැවරෙන අතර, අපරාධ නඩුව අපරාධමය වරදක් ඔවුන් සිදුකර ඇති බැවින් ඊට යුක්තිය ඉටුකරවා ගැනීම උදෙසා පැවරෙයි.

පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණු අභිනව නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා සමග මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළ අගමැතිවරයා මේ ගැන කඩිනමින් නීතිමය පියවර ගත යුතු බවට නීතිපතිවරයාට උපදෙස් දී තිබිණි.