චමිඳු නිසල් ද සිල්වා l
වසංගත රෝග විද්‍යා අංශයෙන් කෝවිඩ් වසංගතය පිළිබඳ විධිමත් ලෙස සංඛ්‍යා දත්ත ලබා නොදීම හේතුවෙන් මෙම රෝගය පාලනය කිරීමට අදාළ තීන්දු ගැනීම බෙහෙවින් අපහසු වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා දේශයට පැවසීය.
වෛද්‍ය සමරවීර මහතා එම තනතුරින් ඉවත්කළද ඔහුගේ ජ්‍යෙෂ්ඨතාවට ගැලපෙන වෙනත් සුදුසු තනතුරක පිහිටුවීමටද ඒ සමඟ තීන්දු කර තිබේ.
රජයේ වසංගත රෝග විද්‍යා අංශය කොවිඩ් මර්දනය සඳහා මෙතෙක් කරන ලද බොහෝ නිර්දේශ හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යංශයට හා ජනාධිපති කාර්යාලයට කරුණු දක්වා තිබිණි. ඒ අනුව කළ මූලික විමර්ශනයකින් පසුව මෙම තීරණය ගත් බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.