2021 ජුනි 05 වන සෙනසුරාදා

මානසික ආතතිය කාංසාව ඉහළ නගියි

 2021 ජුනි 05 වන සෙනසුරාදා, ප.ව. 06:00 28

සුගත් පී. කුලතුංගආරච්චි l

කොවිඩ් වසංගතය හේතුවෙන් විශේෂ වයස් කාණ්ඩ දෙකකට අයත් පිරිස අතර  මානසික ආතතිය, කාංසාව සහ විඩාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව මනෝ වෛද්‍ය විශේෂඥ රූමී රූබන් “දේශය”ට පැවසීය.

දිනපතා කොවිඩ් ආතතිය, කාංසාව සහ විඩාව සඳහා උපදෙස් ගැනීමට යොමුවන සංඛ්‍යාව මේ දිනවල සැලකිය යුතු මට්මකින් ඉහළ ගොස් ඇති බවත්, වෙනත් රටවල මේ ගැන සිදුකළ විද්‍යාත්මක විශ්ලේෂණ මගින් සමාජය තුළ කොවිඩ් ආතතිය සියයට 20–40 දක්වා ඉහළ යාමක් වාර්තාවී ඇති බවත් ඔහු කියයි.

කොවිඩ් මානසික ආතතිය සහ විඩාව හේතූවෙන් මේ දිනවල සිය උපදේශන සඳහා වැඩි වශයෙන් යොමුවන පිරිස විශේෂ වයස් කාණ්ඩ දෙකකට අයත්  පිරිස අතර පාසල් දරුවන් ප්‍රමුඛ අතර පවුලේ උපයන්නන් අයත් තරුණ සහ මැදි වයස් කාණ්ඩයද බහුල බව ඔහු කියයි. වි‌ශේෂයෙන්ම සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු කොවිඩ් මර්දන කටයුතු සඳහා කෙළින්ම ගැටෙන සේවක පිරිස අතර සිය රැකියාව සහ වගකීම හේතුවෙන් ඇතිවන පීඩාව සහ විඩාව දැඩිව ඉහළ ගොස් ඇති බවත් එය භයානක තත්ත්වයක් බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමී රූබන් පෙන්වා දෙයි.

දරුවන් හට සිය පාසල් තුළ සිදුකරන සමූහ ක්‍රියාකාරී අධ්‍යයන අවස්ථාව අහිමිව යාමත්,  ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ එක දිගට වැඩිකාලයක් අන්තර්ජාලය තුළ නිමග්නව සිටීමට බලකිරීමත්, විශේෂයෙන්ම ඉතා කෙටි කාලයකදී දැරිය නොහැකි මට්ටමේ විෂය කරුණු ප්‍රමාණයක් ධාරණය කර ගැනීමට සිදුව තිබීමත් ඔවුන් අතර මේ ආතතියට මුල්ව තිබේ.