2021 ජුනි 05 වන සෙනසුරාදා

කොවිඩ් මර්දනයට නිත්‍ය කාර්යාංශයක්

 2021 ජුනි 05 වන සෙනසුරාදා, ප.ව. 06:00 23

I දේශපාලන වාර්තාකරු

අතීතයේ ක්‍රියාත්මක වූ මැලේරියා මර්දන ව්‍යාපාරය මෙන් කොවිඩ් වසංගතය මර්දනයට හා ඊට දිගුකාලීනව මුහුණදීමට නිත්‍ය සෞඛ්‍ය කාර්යාංශයක් පිහිටුවීමට රජය සැලසුම් කරමින් සිටින බව දේශයට වාර්තා වෙයි.

කොවිඩ් රෝගය සෙසු වසංගත රෝග මෙන් තවත් දිගු කාලයක් සමාජයේ පැතිර පැවතිය හැකි බැවින් මෙම නිත්‍ය රෝග මර්දන ව්‍යාපාරයක් ක්‍රියාත්මක විය යුතු යැයි විශේෂඥ වෛද්‍යවරුන් රජයට නිර්දේශ කර තිබේ.

අතීතයේ මැලේරියාව, ලාදුරු රෝගය ඇතුළු බෝවන වසංගත රෝග ව්‍යාප්තිය පාලනයට හා වැළැක්වීමට ඊට අදාළව ජාතික රෝග මර්දන ව්‍යාපාර ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විය.