I ගයාන් ගාල්ලගේ
සංචරණ සීමා පවතින මොහොතේ කොළඹ නගරයට දිනකට උපරිම වශයෙන් වාහන 80,000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුවන බව පොලීසිය විසින් සිදුකරනු ලැබූ සංගණනයේදී තහවුරු වී තිබේ.
එයින් බහුතරය කොළඹ නගරයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන 22,000කට ආසන්න රෝගීන් බැලීමට පැමිණෙන අය බව එම සංඛ්‍යා දත්ත පවසයි. එසේම අත්‍යවශ්‍ය සේවා, බැංකු සහ බෙදාහැරීම් අංශවල සාමාජිකයන් රැසක්ද දිනපතා කොළඹට පැමිණෙන බව තහවුරු වී ඇත.
කෙසේ වෙතත් එම සංඛ්‍යාව දවස ගණනේ අඩු වැඩිවන බවත් එයිනුත් ඉතාම කුඩා පිරිසක් කිසිදු හේතුවක් නොමැතිව පැමිණෙන අය බවත් පොලීසිය සඳහන් කරයි.