I සුගත් පී. කුලතුංගආරච්චි
වැහි කාලය ආරම්භ වීමත් සමඟ රෝගයේ මුල් අවස්ථාවලදී රෝග ලක්ෂණ බෙහෙවින් සමාන ඩෙංගු රෝගයද කොවිඩ් වසංගතය මැද හිස ඔසවා ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
මැයි මාසය තුළ මේ වනවිට රට පුරා ඩෙංගු රෝගීන් 545 ක් වාර්තා වී ඇති අතර අප්‍රේල් මාසයේ රෝගීන් 1811ක් වාර්තා වී තිබේ.
නිරිත දිග මෝසම් වැස්ස වැඩිපුර ලැබෙන කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වී ඇත. කොළඹ මහා නගර සිමාවට අයිති ප්‍රදේශවලද ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති අතර සමස්තයක් ලෙස ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම මේ ඩෙංගු අවදානම පැතිරී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.
ඩෙංගු අවදානම සඳහා වයස් සීමාවක් නැති අතර, රුකියාවලට යන එන තරුණ හා මැදි වයස්වල පුද්ගලයින් අතර මේ අවදානම වැඩි බව ඔවුන් පෙන්වා දෙයි. ඒ ඩෙංගු වෛරසය පතුරුවන Aedes මදුරුවාගේ දෂ්ඨනයකට, බාහිර පරිසරය තුළදී මේ අය නිරාවරණය වීමේ හැකියාව සාපේක්ෂව වැඩි නිසාය. නමුත් තමන් ගේ නිවස තුළදීත් ඩෙංගු මදුරුවාගේ දෂ්ඨනයකට ලක්වීමේ අවදානම ඉහළ බවද ඔවුන් අවධාරණය කර සිටියි. දින දෙකේ සිට හත දක්වා පවතින උණ, මස්පිඩු වේදනාව, තදබල හන්දි වේදනාව, ඇස්යට වේදනාව, මෙන්ම වමනය වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ ඩෙංගු රෝගය විය හැකිය. දින දෙකක් යන තුරු උණ සමනය වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන් හැකි ඉක්මනින් ඔබේ පවුලේ වෙද්‍යවරයාගෙන් උපදෙස් ගන්නා ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදෙයි.