සංජීවිකා සමරතුංග l
මැයි 31 සහ ජූනි මස 04 වැනි දින දැනට ක්‍රියාත්මක කරන සංචාරණ සීමා ලිහිල් කිරීමට ගෙන තිබූ තීරණය රජයේ කොවිඩ් පාලන කමිටුව මගින් ඉකුත් සිකුරාදා අවලංගු කරන ලදි. ඒ අනුව ලබන ජූනි මස 07 වැනි දින දක්වා සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක වනු ඇත.
ඒ පිළිබඳව අධීක්ෂණයට විශේෂ පොලිස් කාර්ය මණ්ඩල සහ ආරක්ෂක හමුදාද යෙදවීමට තීන්දු කෙරිණි.
සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක වුවද ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා වැඩිපුර ජංගම අලෙවි රථ යොදවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් කාර්ය සාධන බළකායට දැනුම් දී තිබේ.
ඒ අතර සතොස සහ සමුපකාර සේවාවන්ද අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීන්දු විය. එම ආයතනවල සේවාවන් සැපයෙන්නේ ජංගම සැපයුම් ක්‍රමයටයි. පාරිභෝගිකයන්ට ඍජුව සතොස හෝ සමුපකාර වෙත ගමන් කිරීමට අවසර නැත.
එසේම රජය අවසර දී තිබෙන සුපිරි වෙළෙඳසල් හා සෙසු ආහාර ද්‍රව්‍ය අලෙවි සල්වලටද ජංගම සේවාවන් ක්‍රියාත්මක කිරීමට අවසරය හිමිවෙයි.
මෙම නියමයන් උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව නිරෝධායන පනත යටතේ දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශවලට රජය උපදෙස් දී තිබේ. නැවත රට විවෘත කෙරෙන ජූනි මස 07 වැනි දින දක්වා මෙම විධිවිධාන අඛණ්ඩව ක්‍රියාත්මකය.