I දේශපාලන වාර්තාකරු
ලොව බහුලව දැනට භාවිතා කෙරෙන කොවිඩ් එන්නත් නිෂ්පාදනය කරන ඇස්ට්‍රා සෙනෙකා හා ස්පුට්නික් සමාගම් සිය නිෂ්පාදන අතරමැදියන්ගෙන් මිලදී නොගන්නා ලෙස ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට නිල වශයෙන් දැනුම් දී තිබේ.
දැනට බොහෝ රටවල් මෙම එන්නත් මිලට ගැනීම සඳහා තරගයක යෙදී සිටියි. ඒ අතර ඇතැම් අතරමැදි ඖෂධ වෙළෙඳන්දන් ඩුබායි ඇතුළු රටවල් ගණනාවක සිට මෙම ඖෂධ අදාළ සාගම්වල නිෂ්පාදන බව පවසමින් ඉහළ මිලකට අලෙවි කිරීමට පටන්ගෙන ඇත.
මේ බව ජාත්‍යන්තර මාධ්‍යයන් වාර්තා කළ විට යටත් සමාගම් ඉහත සඳහන් දැන්වීම සිදුකරමින් ප්‍රකාශ කර ඇත්තේ අතරමැදි වෙළෙඳුන් අලෙවි කරන නිෂ්පාදනවල ප්‍රමිතිය ගැන මව් සමාගම් වග නොකියන බවය. මෙම ඖෂධ තමන් දැනට අලෙවි කරන්නේ රට රටවලින් නිල වශයෙන් ලැබෙන ඉල්ලීම් අනුව එම රටවල සිටින තමන්ගේ බලයලත් අලෙවි නියෝජිතයන් හරහා පමණක් යැයිද අදාළ සමාගම් නිවේදනය කර තිබේ.