I දේශපාලන වාර්තාකරු
තමන්ගේ පෞද්ගලික වාහනයෙන් රෝහලක් වෙත පැමිණ වාහනය තුළ සිටියදීම (Drive thru) පී.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටිජන් (ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට) ලබාදී තිබූ අවසරය හදිසියේ අවලංගු කර දැමීම ගැන පෞද්ගලික රෝහල් ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යංශයට සිය විරෝධතාව පළකර තිබේ.
රජයේ ගාස්තු සහ නියාමනයන්ට යටත්ව ජනතාවට සේවයක් සැලසීමේ අරමුණින් මෙම ක්‍රමය ක්‍රියාත්මක කළේ රෝහල් තුළට ජනතාව ඒකරාශි වීමෙන් රෝගය පැතිරීමේ අනතුරක් තිබූ නිසාය. මේ ගැන කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් කළමනාකරුවන් සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර පසුගියදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී රෝහල් කළමනාකරුවන් රජයේ තීරණයට සිය විරෝධය පළකළ විට සෞඛ්‍ය බලධරයන් ප්‍රකාශ කර ඇත්තේ පරීක්ෂණ කළ යුතු අය වෙත් නම් ඔවුන් රෝහල් තුළට කැඳවා වෙනම ස්ථානයක එම පරීක්ෂණ කළ හැකි බවය.