2021 මැයි 29 වන සෙනසුරාදා

බොරු ලේබල් ගහගෙන බෙහෙත් වික්ක රෙප්ලා කොටු

 2021 මැයි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 24

I ආරක්ෂක වාර්තාකරු

සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලයේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පමණක් භාවිතයට අවසර ඇති ලාංඡනය සිය වාහනවල අලවාගෙන බෙහෙත් අලෙවි කළ ඖෂධ අලෙවි නියෝජිතයන් (Sales Ref) ගණනාවක් නීතියේ රැහැනට කොටුවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

මේ ගැන වැඩිදුරටත් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයා සඳහන් කළේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් හා පරිපූරක වෛද්‍ය සේවා (Paramedic’s) වරුනට පමණක් වෛද්‍ය ලාංඡනය සිය වාහනවල භාවිතයට අවසර දී තිබේ. එහෙත් ඒ අයගේ වෘත්තීන් අනුව ඒ වෛද්‍ය ලාංඡන රතු, නිල්, කොළ ආදී වර්ණයන්ගේ වෙනසක් සහිතව භාවිතයට අවසර දී තිබේ. එම නිසා බෙහෙත් අලෙවි නියෝජිතයන් මෙම ලාඡන සහිත වාහන භාවිතා කරන්නේදැයි සෙවීමට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.