I සුගත් පී. කුලතුංගආරච්චි
කොවිඩ් වසංගතය මැද ලොව ප්‍රථම එන්නත්කරණය මූලික කරගත් “වැක්සීන් ටුවරිසම්” නව සංචාරක ව්‍යාපාරය ආරම්භ වී ඇත.
ඒ අනුව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයිව් එන්නත ලබාදීම අරමුණු කරගෙන, ඉන්දියාවේ සිට මොස්කව් නුවරට මුල්ම සංචාරක පිරිස මැයි පහළොස්වැනිදා ගමන් ගත්තේය.
රුසියාව බලා පිටත්ව ගොස් ඇති මේ පළමු කණ්ඩායමට එක්ව ඇත්තේ තිස් දෙනෙකුගෙන් යුත් වෛද්‍යවරු පිරිසක් වීම විශේෂත්වයකි. එන්නත්කරණය මූලික කරගත් මේ සංචාරකයන්ට දින විසි හතරක කාලයක් රුසියාව තුළ රැඳී සිටීමට අවස්ථාව උදා වේ.
සංචාරකයන් හට, මොස්කව් නුවරට පැමිණිමෙන් පසු දෙවැනි දිනයේදී ස්පුට්නික් ෆයිව් පළමු මාත‍්‍රාව ලබාදෙන අතර, ඉන්පසුව තවත් දින 21කට පසුව දෙවැනි මාත‍්‍රාව ලබා දෙන්නට පහසුකම් සලසා තිබේ.