2021 මැයි 29 වන සෙනසුරාදා

අමෙරිකාවෙන් ලංකාවට එරෙහි යෝජනාවක්

 2021 මැයි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 17

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

උතුරේ සිවිල් යුද්ධය හමාරවීමෙන් පසු ශ්‍රී ලංකා ආණ්ඩුව එම ප්‍රදේශයේ ජනතාවට යුක්තිය ඉටු නොකළ බවට චෝදනා නගමින් අමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට විශේෂ යෝජනාවක් පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.

පසුගිය මැයි මස 18දා ඇමෙරිකාවේ කොංග්‍රස් සභිකයන් වන ඩෙබෝරා රොස්, බිල් ජොන්සන්, ඩැනී ඩේවිස්, බ්‍රැඩ් ෂර්මන් විසින් මෙම යෝජනාව එරට කොංග්‍රස් මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ බව ජාත්‍යන්තර පුවත් සේවා පවසයි.

2009 මැයි 18දා යුද්ධය හමාරවුවද ඉන්පසු ඉටුකළ යුතු වූ ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසන්ධාන කටයුතු ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් අතහැර දමා ඇතැයි අදාළ යෝජනාව මගින් චෝදනා කර ඇත.

සිය යෝජනාව මගින් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අහිමි වූ ජීවිතවලට යුක්තිය ඉටුකිරීම, සංහිඳියාව වගවීම, ප්‍රතිසංස්කරණය වන්දි ගෙවීම හා විධිමත් දේශපාලන විසඳුමක් ලබාදීම දිරිගන්වන බවයි. එසේම යුද සමයේ සිදුවූ යුද අපරාධ සිවිල් හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධවද යුක්තිය හා වගකීමේ ක්‍රියාවලියක් අවශ්‍ය බවද එහි සඳහන්ය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00