2021 මැයි 22 වන සෙනසුරාදා

තොග වෙළෙඳාමට ඉඩ නැත්නම් බඩු හිඟයක්

 2021 මැයි 22 වන සෙනසුරාදා, ප.ව. 05:59 96

I යසවර්ධන රුද්රිගූ

රට වසා ඇති කාලයේ පිටකොටුවේ හරස් වීදිවල තොග වෙළෙඳසල් විවෘත කිරීමට අවසර ලැබුණොත් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම බාධාවකින් තොරව කළ හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා දේශයට පැවසීය.

පසුගිය වසරේ රට වසා තැබූ අවධියේ හරස් වීදිවල වෙළෙඳාමට අවසර දී තිබිණි. එනිසා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රට පුරා බෙදාහැරීමේ ජාලය නිසා ලෙස ක්‍රියාත්මක විය. මෙවර ද එසේ නොවුණහොත් රට පුරා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවිය හැකි යැයි සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කීය. රජය ස.තො.ස. හා සමුපකාර අලෙවිසල් පමණක් විවෘත කර ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම ඉතා අපහසු බවද ඔහු සඳහන් කළේය.