I සුගත් පී. කුලතුංගආරච්චි
කොවිඩ් වෛරසය පැතිරීම අතිශය සාර්ථක ලෙස වැළැක්වීමට සමත් නව එන්නතක් දැන් නිපදවා තිබේ. වෛරසය මිනිස් සිරුරේ සෛලවලට සම්බන්ධවීම සහ ඒවාට ඇතුළුවීම REGN-CoV-2 නමැති මෙම එන්නත මගින් වළක්වයි.
මෙය ජෛව තාක්ෂණය මගින් කෘත්‍රිමව නිපදවන ලද ප්‍රතිදේහ දෙකක “කොක්ටේලය”කි. රෝගය පැතිරීමට සහ අසාධ්‍ය වීමට මූලික හේතුව බවට දැන් පත්ව ඇති වෛරස තොගය-(viral load), සිරුර තුළ අධික ලෙස ඉහළ යාම මර්දනයට මෙයට හැකියාව ඇති බව සනාථ වී තිබේ. මේ නිසා රෝගය පැතිරයාම වළක්වා මූලික මට්ටමේදීම කොවිඩ් රෝගීන් සුවපත් කිරීම සදහා මෙය යෝග්‍ය බව තහවුරු වෙයි.
ආසාදිතයකුගේ සිරුරුගතව ගොනුවී ඇති වෛරස ප්‍රමාණය-(viral load), දින 07ක කාලයකදී සියයට 95කට වැඩි මට්ටමකට පහත හෙළීමට සමත් මේ “ප්‍රතිදේහ කොක්ටේල” එන්නත හේතුවෙන් කොවිඩ් නිසා රෝහල්ගත වන සංඛ්‍යාව සහ දැඩි සංකූලතාවන්ට ලක්ව මියයන පිරිස දැඩි ලෙස සීමාකර ගැනීමට හැකිවන බව මූලික පර්යේෂණ මගින් සනාථ කර ඇත. කෘත්‍රිමව නිපදවන ලද ප්‍රතිදේහ දෙකක් සම්මිශ්‍රණයෙන් තැනූ මේ එන්නත අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සාර්ථකව ප්‍රතිකාර කිරීමට පසුගිය ඔක්තෝබරයේදී යොදාගත් එන්නතයි. මෙය අමෙරිකාවේ හදිසි භාවිතය සඳහා මේ වන විටත් අනුමැතිය ලබාගත් එන්නතකි.
දැනටමත් ඉන්දියාව, ජපානය, යුරෝපය ඇතුළු රටවල් ගණනාවක් මේ සඳහා අනුමැතිය දී ඇත.