I දේශපාලන වාර්තාකරු
පසුගිය වසරේ රාජ්‍ය ආදායම් වාර්තාවට සාපේක්ෂව මේ වසරේ එක් දිනක් රට වසා දැමීම නිසා දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමින් රුපියල් කෝටි 1400ක් පමණ අහිමි වන බව රජයේ නවතම සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි.
මේ ගැන දේශය කළ විමසුමකට පිළිතුරු දුන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවත්නා තත්ත්වය වැඩිදුරටත් පැහැදිලි කරමින් කීවේ පසුගිය වසරේ රටේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් බිලියන 15,000ක් බවය. ඒ අනුව දිනකට රජය ලබන ආදායම රුපියල් බිලියන 41ක පමණ වෙයි.
රට වසා දැමෙන එක් දිනකදී මෙම ආදායමින් 1/3ක් පමණ රජයට අහිමි වෙයි. ඒ අනුව දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රුපියල් බිලියන 1.4ක් හෙවත් කෝටි 1400ක් දිනකදී රටට අහිමිවන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ ආකාරයට මාසයක් රට වසා දැමුවහොත් රුපියල් බිලියන 450කට ආසන්න ප්‍රමාණයක් දළ දේශීය නිෂ්පාදිතයට නොලැබී යනු ඇති බවද අමාත්‍යවරයා කීය.
දළ දේශීය නිෂ්පාදිතය අඩුවීම නිසා රාජ්‍ය ණය බර වැඩිවීම, විනිමය හා පොලී අනුපාත ඉහළ යාම ආදිය සිදුවන බැවින් ආර්ථිකය විෂම චක්‍රයකට නතු විය හැකි යැයි ද ඔහු සඳහන් කළේය.