2021 මැයි 22 වන සෙනසුරාදා

ලංකාවේ හදන්නේ “සිනොවැක්ස්”

 2021 මැයි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41

I රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු

චීන රජයේ අනුග්‍රහයෙන් මෙරටදී නිෂ්පාදනය කරන්නේ “සයිනොෆාම්” එන්නත නොව එරට නිපදවන ලද “සිනොවැක්ස්” එන්නත බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග තහවුරු කරයි. එය නිෂ්පාදනය කරන්නේ චීනයේ “සිනොවැක්බයෝටෙක්” ආයතනයයි.

එම ආයතනය සහ ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාව අතර මේ සඳහා ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු මහනුවර පල්ලෙකැලේ හෙලුක් ටයිම්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මෙම ඖෂධය නිපදවන මධ්‍යස්ථානය ලෙස යොදා ගැනීම රජයේ අරමුණයි.