2021 මැයි 22 වන සෙනසුරාදා

සමහරු කොවිඩ් කළු කඩ බිස්නස් එකක් කරගෙන - රන්ජිත් මද්දුමබණ්ඩාර

 2021 මැයි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 61

ගයාන් ගාල්ලගේ l

කොවිඩ් ව්‍යවසනය ආණ්ඩුවේ ඇතැම් පිරිසක් කළු කඩ ව්‍යාපාරයක් බවට පත්කරගෙන ඇති බවත් එයට සම්පුර්ණයෙන් ආණ්ඩුව වගකිව යුතු බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

එන්නත්කරණය ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තු අනුව සිදුවන බවත්, ප්‍රමුඛත්වය හිමිවිය යුතු පිරිස් මගහැරී ඇති බවත් හෙතෙම සඳහන් කළේය. විශේෂයෙන් එන්නත රුපියල් 5000ට විකිණීම සිදුකරන්නේ කව්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

කෙසේ වෙතත් මේ සියල්ලෙන් පෙනෙන්නේ ආණ්ඩුවට කොවිඩ් මර්දනයේ අසාර්ථකත්වය බව ඔහු සඳහන් කළේය.