2021 මැයි 22 වන සෙනසුරාදා

ආසාදිතයන් තුනෙන් එකක් හැදුණු හැටි දන්නෙ නෑ - උපුල් රෝහණ

 2021 මැයි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 78

I ගයාන් ගාල්ලගේ

මෙරට කෝවිඩ් ආසාදිතයන් 30% කගේ පමණ මූලාශ්‍ර සොයාගැනීමට නොහැකි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මේ නිසා රෝගය දැනටමත් විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් එය බරපතළ තත්වයක් බවත් හෙතෙම සඳහන් කළේය. විශේෂයෙන් පීසීආර් පරීක්ෂණ දින තුනේ සිට දින අට දක්වා ප්‍රමාද වී ඇති නිසාත් ඇතැම් ආසාදිතයන්ගේ සමීපතමයන් හරහාද රෝගය බෝ වන්නට පටන්ගෙන ඇති බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් සංචරණ සීමා පැනවීමත්, එන්නත් ලබාදීමත් හරහා රෝග ව්‍යාප්තිය අඩුවීමක් සිදුවිය හැකි බවද ඔහු වැඩිදුරටත් කීය.