2021 මැයි 22 වන සෙනසුරාදා

කොවිඩ් මරණවලින් ගසාකන මිනී කාක්කෝ

 2021 මැයි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 462

ගයාන් ගාල්ලගේ l 

කෝවිඩ් මරණ ආදාහනය කිරීමේදී යොදාගන්නා මිනී පෙට්ට්වලින් විශාල වශයෙන් මුදල් ගසාකෑමේ ජාවාරමක් මේ වනවිට සිදුවන බව දේශය කළ නිරීක්ෂණයකදී අනාවරණය විය.

ප්‍රධාන රෝහල් අවට ඇති මල්ශාලා විසින් මේ මහා පරිමාණ ජාවාරම සිදුකරගෙන යන්නේ ඉතා අඩු ප්‍රමිතියෙන් යුත් මිනීපෙට්ටි හිතූ හිතූ ගණනට ලබාදීමෙන් බව සඳහන් වේ.

රqපියල් 1000ක් වත් වටිනාකමක් නැති මීනී පෙට්ටි 18,000, 20,000, 30,000, 40,000 වැනි අධික මුදලට ඇතැම් මල්ශාලා හිමිකරුවන් විසින් මියගිය අයගේ ඥාතීන්ට විකුණා තිබේ.

ඇතැම් මල්ශාලාවලින් පැකේජ හඳුන්වාදී ඇති බවත් කෝවිඩ් මරණ සඳහා මෙලෙස පැකේජ හඳුන්වාදීම අසරණ ජනතාව තව තවත් කරදරයේ දැමීමක් බව බොහෝ දෙනාගේ පැමිණිල්ල වී ඇත.