2021 මැයි 15 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්දය අවුරුද්දකින් කල් යයි

 2021 මැයි 15 වන සෙනසුරාදා, ප.ව. 12:00 77

I දේශපාලන වාර්තාකරු

යෝජිත පළාත් සභා මැතිවරණය තවත් වසරකින් කල් දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. පසුගියදා ආණ්ඩුවේ පක්ෂ නායකයන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මේ ගැන අවධානය යොමුව තිබේ.

එහෙත් පක්ෂ නායකයන් ගණනාවක් ප්‍රකාශ කර ඇත්තේ මේ මොහොත පළාත් සභා මැතිවරණය ගැන කතා කිරීමට හෝ සුදුසු අවස්ථාවක් නොවන බවය. එබැවින් ලබන වසරේදී එය පැවැත්වීම යෝග්‍ය බව පක්ෂ නායකයන් බහුතරයකගේ මතය විය.

මෙම පක්ෂ නායක හමුවට මෙතෙක් පක්ෂ නායක හමුව වර්ජනය කර සිටි පක්ෂ සියල්ලේම නායකයෝ පැමිණ සිටියහ. විමල් වීරවංශ අමාත්‍යවරයා පමණක් දැඩි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊට එක්නොවන බව දන්වා තිබිණි. අග්‍රාමාත්‍යවරයාට අමතරව බැසිල් රාජපක්ෂ මහතා ද මෙම හමුවට එක්විය.