2021 මැයි 15 වන සෙනසුරාදා

ඉන්දියාවෙන් නැතත් අල, ලූනු, මිරිස් ගෙන්වන්න සැලැසුම්

 2021 මැයි 15 වන සෙනසුරාදා, ප.ව. 12:01 101

I දේශපාලන වාර්තාකරු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක් මෙරටට ආනයනය කරන ඉන්දියාව කොවිඩ් වසංගතය නිසා විපතට පත්ව සිටියත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන අල, ලූනු, මිරිස් ආදිය සපයා ගැනීමට විකල්ප ක්‍රමයක් යොදා ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දේශයට කීය.

මෙම වැඩපිළිවෙළ යටතේ දැනටමත් මෙරටට මසකට අවශ්‍ය අල, ලූනු, මිරිස්, පරිප්පු, පිටි, සීනි තොග එක්රුස් කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය. ඒ කාලය අතරතුර ඉතිරි අවශ්‍යතා සපුරාගන්නා බවද ඔහු සඳහන් කළේය. අල, ලූනු, මිරිස් ආනයනය සඳහා පකිස්ථානය අපට උදව් කරයි. පරිප්පු ආනයනයට තුර්කිය, ඔස්ට්‍රේලියාව හා කැනඩාවට ඇණවුම් බාර දී තිබේ.

කොවිඩ් වසංගතයට පෙර මෙරටට අත්‍යවශ්‍ය ආනයනවලින් 19.2%ක්ම සිදුකළේ ඉන්දියාවෙනි. තවත් 22%ක් භාණ්ඩ ආනයනය කළේ චීනයෙනි.