2021 මැයි 15 වන සෙනසුරාදා

සජබ කොවිඩ් කමිටුවට රාජිත-කාවින්ද

 2021 මැයි 15 වන සෙනසුරාදා, ප.ව. 12:01 76

I ගයාන් ගාල්ලගේ

කොවිඩ් වසංගතයට එරෙහිව රජයට විපක්ෂයෙන් ලබාදිය හැකි දායකත්වය සම්බන්ධයෙන් සොයා බලා ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට පර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන දෙදෙනාගෙන් යුත් කමිටුවක් සමගි ජනබලවේගය විසින් පත්කර තිබේ.

විශේෂඥයන්  කිහිප දෙනෙකුද කමිටුවට සම්බන්ධ කරගෙන ඇති අතර කමිටුව දැනටමත් සිය රාජකාරි ආරම්භ කර ඇති බව එම පක්ෂය සඳහන් කරයි.

රාජිත සේනාරත්න කමිටුව විසින් ලබාදෙන තොරතුරු අනුව රෝහල්වලට අවශ්‍ය ද්‍රව්‍ය, පහසුකම් හැකි උපරිම අයුරින් ලබාදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇත.