I දේශපාලන වාර්තාකරු
කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතිය ස්ථාපිත කිරීම සඳහා යෝජිත පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 19 සහ 20 දෙදිනට යොදාගැනීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ තීන්දු කළහ.
පාර්ලිමේන්තුව ලබන 18-19 හා 20 යන තෙදිනම රැස්වෙයි. 18දා රැස්වීම ආරම්භයේදීම පෝර්ට් සිටි පනතට එරෙහිව පාර්ශ්ව 23ක් විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව කතානායකවරයා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. ඉන්පසු එයට අදාළ විවාදය 19-20 දෙදින පැවැත්වෙයි.