2021 මැයි 15 වන සෙනසුරාදා

සැකසහිත අයට රෝහලට යන්න බාධාවක් නැහැ

 2021 මැයි 15 වන සෙනසුරාදා, ප.ව. 12:01 27

I ගයාන් ගාල්ලගේ

සංචරණ සීමා පවතින දින කිහිපය තුළ යම් අයකුට සැකකටයුතු රෝග ලක්ෂණ ඇත්නම් කිසිදු බාධාවකින් තොරව ළඟම රෝහලට ගොස් පරීක්ෂණ සඳහා මුහුණදීමේ කිසිදු බාධාවක් නැතැයි වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා දේශයට පැවසීය.

රෝග ලක්ෂණ ඇතිව සංචරණ සීමා ලිහිල් වනතෙක් නිවසට වී නොසිටින ලෙසත් සැකයක් ඇතිවුණ වහාම තවත් ළඟම රෝහල වෙත සම්බන්ධ වන ලෙසත් ඔහු කීය.

මෙවර පැතිරෙන කොවිඩ් රැල්ල මර්දනය කළ හැක්කේ ජනතාව හැකි තරමින් නිවෙසට වී අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වැළකී සිටීමෙන් බවද හෙතෙම සඳහන් කළේය.