2021 මැයි 15 වන සෙනසුරාදා

ඇස්ට්‍රා සෙනෙකා එන්නත ගන්න කොංගෝවට ලිපියක්

 2021 මැයි 15 වන සෙනසුරාදා, ප.ව. 12:00 316

I දේශපාලන වාර්තාකරු

මේ වනවිට ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොග රැස් කරගෙන සිටින කොංගෝ රාජ්‍යයෙන් එම අතිරික්ත එන්නත් තොගයෙන් කිසියම් ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා එරට ජනාධිපති (සාසුනග් යුසෝ) මහතා වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ලිපියක් යොමුකර ඇත. එම ලිපිය කොංගෝ හි ශ්‍රී ලංකා තානාපතිවරයා එරට ජනාධිපතිවරයා මුණගැසී පෞද්ගලිකවම ලබා දී තිබේ.

රජයේ අරමුණ දැනට දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දී නැති ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය වෙත දෙවැනි මාත්‍රාව සැපයීමයි. කොංගෝ හි ඇති අතිරික්ත එන්නත් තොගය ලක්ෂ 13ක් පමණ වන බැවින් එයින් කොටසක් මිලදී ගැනීමට රජය මෙම ඉල්ලීම කළේය

මේ හැර ජපානය, චීනය ඔස්ට්‍රේලියාව සහ අමෙරිකාවෙන්ද එන්නත තොග ඉල්ලා ලිපි යොමුකර තිබේ.