සුගත් පී. කුලතුංගආරච්චි l
කොවිඩ්-19 ගෝලීය සෞඛ්‍ය අර්බුදය හේතුවෙන් හඳුන්වා දී ඇති ඩිජිටල් බැංකු මාධ්‍ය සහ සේවාවලට පාරිභෝගිකයින් මාරැවීමත් සමඟ විවිධ වංචනික පුද්ගලයන් හට පාරිභෝගිකයන් ගොදුරැවීමේ ප්‍රවණතාව ඉහළගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි.
විවිධ වංචනික පාර්ශවයන් විසින් ඩිජිටල් වංචා, අපරාධ සහ නීති විරෝධී ක‍්‍රියාවන් සඳහා අවස්ථා හඳුනාගැනීම මගින් පාරිභෝගිකයන් මූල්‍ය අපරාධ හෝ මූල්‍ය විෂමාචාරයේ ගොදුරු බවට පත්වීම නිසා බැංකුවලටද නීතිමය අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි බව මෙම අනතුරැ ඇඟවීම මගින් පැහැදිලි කර තිබේ.
වසංගතය හමුවේ කටයුතු පහසුවෙන් කරගැනීම සඳහා බැංකු ඇතුළු බොහෝ ආයතන ඩිජිටල් ගනුදෙනු වැනි නව වැඩ පිළිවෙළවල් වෙත යොමු වී ඇත. කෙසේ වෙතත්, එම ක‍්‍රියාමාර්ග මගින් තොරතුරු හා දත්ත සුරක්ෂිතතාව, අභ්‍යන්තර හා බාහිර වංචා, සයිබර් පහරදීම්, අභ්‍යන්තර ජාලගත ධාරිතාව (Internal network capacity), මුදල් විශුද්ධිකරණය (AML) සහ ඔබේ ගනුදෙනුකරු දැනගැනීමේ (KYC) අවශ්‍යතා වැනි පාලන යාන්ත‍්‍රණ කෙරෙහි අහිතකර බලපෑම් ඇති විය හැකි බවට මහබැංකු වාර්තාවේද අනතුරු අඟවමින් අවධාරණය කර ඇත.