2021 මැයි 08 වන සෙනසුරාදා

මෙහෙම ගියොත් චීන එන්නත ඉවතට?

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 678

I දේශපාලන වාර්තාකරු

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණ “සිනෝපාම්” එන්නත් මාත්‍රා ලක්ෂ හයක ප්‍රමාණය කඩිනමින් භාවිතයට නොගතහොත් කල් ඉකුත් වී ඉවත දැමීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙරටට ලැබුණු එන්නත් මාත්‍රා ලක්ෂ 6න් මෙරට සිටින චීන ජාතිකයන්ට පමණක් එන්නත් දස දහසක් පමණ ලබාදී ඇත. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඊට මෙතෙක් අනුමැතිය ලබා දී නැති නිසා ශ්‍රී ලාංකිකයන්ට මෙම එන්නත ලබාදීම ගැටලුවක් වී තිබේ. එහෙත් දැන් ලොව රටවල් 37ක් පමණ (සිනෝපාම්) එන්නත භාවිතා කරයි. එන්නත නිෂ්පාදනය කොට මාස 4ක කාලයක් තුළ එය භාවිත නොකළහොත් එහි කල් ඉකුත්වෙයි. ශ්‍රී ලංකාවට මෙම එන්නත ලැබී දැනට මාස එකහමාරක පමණ කලක් ගතවී තිබේ.