I දේශපාලන වාර්තාකරු
කොරෝනා රෝගය මෙරට වේගයෙන් පැතිරී යාම නිසා විදේශවල සිට මෙරටට පැමිණෙන තැනැත්තන් සඳහා නව නිරෝධායන විධිවිධාන ක්‍රියාත්මක කරන බව විදේශ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා දේශයට පැවසීය.
ඒ අනුව කොරෝනා එන්නත් දෙකම ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන තැනැත්තන් පී.සී.ආර්. පරීක්ෂණයකින් පසු නිවෙසට යාමට තිබූ අවස්ථාව අහිමි වෙයි. එබඳු මගීන් එන්නත් දෙකම ලබාගෙන තිබුණද පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණ දී ඉන් අනතුරුව සතියක කාලයක් රජය අනුමත නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය විය යුතුය. එක් එන්නතක් ලබාගෙන හෝ කිසිදු එන්නතක් ලබා නොගෙන හෝ මෙරටට පැමිණෙන අයට පී.සී.ආර්. පරීක්ෂණයකින් පසු දින 14ක් නිරෝධායනයෙන් පසු නිවෙසට යාමට අවස්ථාව හිමිවෙයි. එම නව විධිවිධාන දැන් ක්‍රියාත්මක බවද විදේශ ලේකම්වරයා කීය.
ඒ අතර සිංගප්පූරැව, මැලේසියාව සහ ඔස්ට්‍රේලියාව මේ වනවිට ශ්‍රී ලාංකිකයන්ට එරට සංචාර තහනම් කර තිබේ.