2021 මැයි 08 වන සෙනසුරාදා

ඉන්දියා-ලංකා මුහුදු මාර්ගයේ ආරක්ෂක මෙහෙයුම්

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 21

I ගයාන් ගාල්ලගේ

ඉන්දියාවේ කොවිඩ් රෝගීන් මුහුදු මාර්ගයේ සිට පැමිණීම වැළැක්වීම සඳහා නාවික හමුදාව, පොලීසිය සහ ධීවරයන් එක්ව ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ අනුව නාවික හමුදා මුර යාත්‍රා වැඩිකොට මුහුදු මාර්ගයේ ආරක්ෂාව වැඩිකිරීමටත් එසේ පැමිණෙන පිරිස් නැවත හරවා යැවීමටත් තීරණය කර ඇත.

එසේම යම් හෙයකින් ඉන්දියානුවන් මෙරට භූමිය තුළට ඇතුළු වුවහොත් ඔවුන් අත් අඩංගුවට ගැනීමත්, ඔවුන්ට නවාතැන් පහසුකම් සැපයීම යටතේ මෙරට පුද්ගලයන්‍ට විරුද්ධව නඩු පැවරීමටත් ශ්‍රී ලංකා පොලීසියට උපදෙස් ලබාදී ඇතැයි සඳහන් වේ.

එසේම දිනපතා මුහුදු යන ධීවරයන්ට දන්වා ඇත්තේ යම් හෙයකින් එසේ සැකකටයුතු ධීවර යාත්‍රාවක් දුටුවහොත් වහාම නාවික හමුදාව දැනුවත් කරන ලෙසය.