2021 මැයි 08 වන සෙනසුරාදා

කොළඹ උඩින් ඩ්‍රෝන මෙහෙයුමක්

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

I ගයාන් ගාල්ලගේ

නිරෝධායනය නීති උල්ලංඝනය කරමින් කොළඹ නගරයේ විවිධ ස්ථානවල එක්රැස්වන්නන් පිළිබඳ සොයාබැලීම සඳහා ඩ්‍රෝන මෙහෙයුමක් ශ්‍රී ලංකා පොලීසිය විසින් ආරම්භ කළ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දේශයට පැවසීය.

ඒ අනුව ජනාකීර්ණ ප්‍රදේශ, පැල්පත්, මහල් නිවාස ආශ්‍රිතව මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන අතර නිරෝධායනය නීති කඩකරන්නන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ඒ මහතා සඳහන් කළේය.

ඊට අමතරව ගම්පහ සහ කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකද මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.