2021 මැයි 08 වන සෙනසුරාදා

යුද හමුදාව කොරෝනා ඇඳන් 10000ක් හදයි

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

I ආරක්ෂක වාර්තාකරු

කොරෝනා රෝගීන්ගේ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානවල භාවිතයට අලුතෙන් ඇඳන් 10,000ක් (දස දහසක්) ශ්‍රී ලංකා යුද හමුදා කාර්මික අංශය මගින් නිෂ්පාදනය කරමින් පවතින බව වාර්තා වෙයි.

මෙහි මූලික වියදම් සඳහා දැනටමත් මහා භාණ්ඩාගාරය රුපියල් කෝටි 30 (මිලියන 300) පමණ මුදලක් යුද හමුදාව වෙත ලබා දී ඇත. කොරෝනා රෝගීන් ගණන දිනෙන් දින ඉහළ යාමත් ඒ සඳහා රෝහල් මදිවීමත් හේතුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ගණනාවක් හමුදාව විසින් සකස් කරන බවද සඳහන්ය.