I ගයාන් ගාල්ලගේ
රට තුළින් කොරෝනා රෝගීන් දහස ඉක්මවා හමුවීම ඉදිරි සති දෙකකට ආසන්න කාලය පුරා පැවතිය හැකි බව රාජ්‍ය බුද්ධි අංශය මගින් රජයට දැනුම් දී තිබේ. එම සති දෙකට අමතරව නැවත සුපුරුදු තත්ත්වයට පැමිණ ලෙඩුන් වාර්තා වීම සීයකට වඩා අඩුවීමට තවත් මාස දෙකකට ආසන්න කාලයක් ගතවිය හැකි බවත් එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.
සෞඛ්‍ය අංශ එක්ව සිදුකළ බුද්ධි පරීක්ෂණයකට අනුව එය තහවුරු කරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් රජය ලබාදී තිබේ.
කෙසේ වෙතත් ඒ අතර කාලය තුළ කෝවිඩ් රෝගීන් වාර්තා වීම අඩුකරලීම සඳහා දැඩි ලෙස නිරෝධායනය නීති ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත.