2021 මැයි 01 වන සෙනසුරාදා

සජිත් - ජනපතිට දුරකතනෙන් පැයක් කතා කරයි

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 299

I දේශපාලන වාර්තාකරු

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පසුගියදා දීර්ඝ දුරකතන සංවාදයක් සිදුවිය. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාට දුන් දීර්ඝ දුරකතන ඇමතුම අනුව පැයක පමණ කාලයක් තිස්සේ දෙදෙනා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නට යන බවට පැතිර යන ආරංචි ගැන ජනාධිපතිවරයාට කරුණු දක්වා ඇතැයි සඳහන් වෙයි. මෙහිදී සජිත්ගේ විමසුම්වලට ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාර කුමක්දැයි ප්‍රකාශ වී නැත. කෙසේ වෙතත් හරින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට නොගන්නා ලෙස සජිත් ඉල්ලීමක් කළ බව පමණක් දැනගන්නට ඇත. මෙයට පෙර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සිරගතවීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සමඟ සජිත් ප්‍රේමදාස මහතා කෙටි දුරකතන සංවාදයක් පවත්වා තිබිණි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00