2021 මැයි 01 වන සෙනසුරාදා

නුවරඑළිය පුරපතිට එරෙහිව විනය පරීක්ෂණයක්:

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

I ජේ.ඒ.එල්. ජයසිංහ

රජයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නුවරඑළියේ (වසන්ත උදානය) සැණකෙළිය සංවිධානය කොට පවත්වාගෙන ගිය නුවරඑළිය නගරාධිපතිට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වා තමන්ට වාර්තා කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාට දැනුම් දී ඇත.

එම පරීක්ෂණ වාර්තාව ලද වහාම නගරාධිපතිවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව දේශය කළ විමසුමකට පිළිතුරු ලෙස ආණ්ඩුකාරවරයා කීය. ඔහුට අමතරව පවත්නා නිරෝධායන නීති කඩ කරමින් අවුරුදු උත්සවයක් සංවිධානය කළ හැටන් හි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාටද එරෙහිව විනය පියවර ගන්නා ලෙස පළාත් අධ්‍යාපන බලධරයන්ට උපදෙස් දුන් බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.