I යසවර්ධන රුද්රිගූ
2021 වසරේ පෙබරවාරි මාසය අවසන් වන විට අපේ රටේ ජනතාව ක්‍රෙඩිට් කාඩ්වලින් ණය වී ඇති ප්‍රමාණය රුපියල් කෝටි 11800.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
2020 දී රුපියල් කෝටි 11700.2ක් වූ ක්‍රෙඩිට් කාඩ් ණය ප්‍රමාණය හා සසඳන විට වැඩිවීම කෝටි 100.5ක් වේ. ජාත්‍යන්තරව පිළිගත් ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුවලින් ණය වී ඇති මුදල 2021 වසරේ රුපියල් කෝටි 8500.4ක් වුවද 2020 වසර තුළ මෙම මුදල කෝටි 8400.5ක්ව තිබුණි.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ පාවිච්චි කෙරෙන ක්‍රෙඩිට් කාඩ් සංඛ්‍යාව ලක්ෂ 19ක් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ දැක්වේ. 2021 වසරේ මුල් මාස දෙක තුළ පමණක් අලුතින් කාඩ්පත් 20,927ක් නිකුත් කර ඇත. 2020 අවුරුද්දේදී පාවිච්චි කර ඇති මුළු ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව ලක්ෂ 18ක් විය.
2020 වසර හා සැසඳීමේදී කාඩ් ව්‍යවහාර කිරීමේ වර්ධනය 2021 දී සියයට 2.7 වූ අතර ඉහළම අගය වාර්තා වී ඇත්තේ 2018 දීය. එය සියයට 11ක් වේ.