2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

මැතිසබය කෝලම් මඩුවක් කරන අයට දැඩි නීති - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 32

දේශපාලන වාර්තාකරු l

පාර්ලිමේන්තුවේ විනය විරෝධීව හැසිරෙන ආණ්ඩුවේ හෝ විපක්ෂයේ ඕනෑම මැති ඇමැතිවරයකුට එරෙහිව දැඩි ලෙස පාර්ලිමේන්තු විනය නීති ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

තමන් 1970 සිට යුග තුනක් නියෝජනය කළ පාර්ලිමේන්තු සගයන් සමඟ ක්‍රියා කර ඇතැයි පැවසූ අගමැතිවරයා මේ ආකාරයට මැතිසබා විනය පිරිහී ගිය අවස්ථා ඉතාම විරල වූ බව පෙන්වා දුන්නේය.

උත්තරීතර පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කර ගැනීමට තැත් කරන ඕනෑම පක්ෂයක මැති ඇමැතිවරයකුට එරෙහිව පියවර ගෙන කෙටි කලකට පාර්ලිමේන්තුව තහනම් කිරීමට පවා අවශ්‍ය විධිවිධාන නීති පොතේ ඇති බැවින් මින් ඉදිරියට විනය විරෝධීව හැසිරෙන්නට දැඩි ලෙස නීති ක්‍රියාත්මක කර පාර්ලිමේන්තුවේ ගෞරවය රැකගත යුතු බව ප්‍රකාශ කළේය.