2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

තේ වෙන්දේසියට ඩොලරය හරහට

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 18

ව්‍යාපාරික වාර්තාකරු l

ඩොලරය ඉදිරියේ රුපියල පසුගිය දිනවල ශක්තිමත් වීම නිසා තමන්ගේ නිෂ්පාදනවලට ලැබෙන විදේශ ආදායම අඩුවන බැවින් කොළඹ තේ වෙන්දේසියට තේ ඉදිරිපත් කරන නිෂ්පාදකයන් පිරිසක් වෙන්දේසියෙන් ඉවත්වන බව නිල නොවන මට්ටමින් වගකිවයුතු අංශ වෙත දන්වා ඇතැයි වාර්තා වෙයි.

පසුගිය දින දහයක පමණ කාලය තුළ ඩොලරයක රුපියල් වටිනාකම රුපියල් 200/- ඉක්මවා තිබිණි. එහෙත් රුපියල ශක්තිමත් වීමත් සමඟ එම වටිනාකම රුපියල් 190/- 195/- අතර මට්ටමට පත්විය. ඒ සමඟ විදේශීය අපනයනවලට ලැබෙන ඩොලර් රුපියල්වලට පරිවර්තනය කළ විට ලැබෙන ආදායම අඩු වූ බව නිෂ්පාදකයන්ගේ මතයයි. එහෙත් සති කිහිපයක් තිස්සේ රුපියල අවප්‍රමාණය වීමට පෙර ඩොලරයක රුපියල් වටිනාකම වූයේ රු. 187/-ක් පමණි.